රථවාහන පාලන හා මාර්ග ආරක්‍ෂාව කොට්ඨාසය

ඉතිහාසය පිහිටීම හා ස්ථානගත කිරීම

1953.11.27 වන දින සහකාර පොලිස් අධිකාරී ලැම්බෘගන් මහතා යටතේ රථවාහන පොලිස් මූලස්ථානය ආරම්භ කර ඇත.1954 වර්ෂයේදී දිවයිනට පැමිණි දෙවන එලිසබත් මහ රැජින වෙනුවෙන් රථවාහන පොලිස් මූලස්ථානයේ නිළධාරීන් සහ රථවාහන යොදවා පෙරගමන් රාජකාරිය සිදුකර ඇත.

මෙම කොට්ඨාසය 2007 වර්ෂයට පෙර කොළඹ 01, පොලිස් මුලස්ථානයේ නව මහලේකම් ගොඩනැගිල්ලේ ස්ථාපිතව තිබී ඇත. 2007 වර්ෂයේදී රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව කාර්යක්ෂම හා විධිමත් කිරීම සදහා කොළඹ නාගරික රථවාහන පොලිසිය, පොලිස් හදිසි ඇමතුම් අංශය සහ රථවාහන මුලස්ථානය එකම ගොඩනැගිල්ලක ස්ථාපිත කර ඇත.

වර්ථමානයේ නව රථවාහන ගොඩනැගිල්ල කොළඹ ශ්‍රී.ලං.ග.ම මධ්‍යම බස් නැවතුම්පලට හා  බැස්ටියන් මාවත පුද්ගලික බස් රථ නැවතුම්පලට ආසන්නව කොළඹ 12, මිහිදු මාවතේ ස්ථාපිත කර ඇත.

 (Location – https://goo.gl/maps/Fi2TjsDGpe6RbuFj6)                                        

රථවාහන පාලන හා මාර්ග ආරක්‍ෂව කොට්ඨාසයේ කාර්ය භාරය

  • රථවාහන ගැටඵ සම්බන්ධයෙන් අදාල පොලිස් කොට්ඨාශ වෙත උපදෙස් ලබා දිම සහ රථවාහන පාලනය හා මාර්ග ආරක්‍ෂාව පිළිබදව ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරිම
  • මාර්ග පද්ධතියේ ඇති ඉංජිනේරුමය හා සෙසු අඩුපාඩු සම්බන්ධයෙන් නිරික්ෂණ හා සමික්ෂණ පවත්වා ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරින් වෙත නිර්දේශයක් ඉදිරිපත් කිරිම.
  • විනිතව හා නිති ගරුකව රියැදුරන් හා මාර්ගය භාවිතා කරන්නන් ඇති කිරිම සදහා පාසෑල් ළමුන් සහ ප්‍රජාව වෙනුවෙන් රථවාහන සංදර්ශණ පැවැත්විම සහ සෙසු රථවාහන දේශණ පැවැත්විම.
  • රාජ්‍ය උත්සව සහ දේශිය හා විදේශිය රාජ්‍ය නායකයින්, ප්‍රභුවරුන් වෙනුවෙන් පෙරගමන් හා රථවාහන පාලන රාජකාරි සැලසුම් කිරිම හා යෙදවිම.
  • රාජ්‍ය දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශයන්හි රියැදුරන් බදවා ගැනිමේ සහ උසස් කිරිමේ සම්මුඛ පරික්ෂණ මණ්ඩල සදහා අවශ්‍ය සහාය ලබා දිම.
  • රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් වන සම්මන්ත්‍රණ සහ සාකච්ජාවන්ට පොලිස්පතිතුමා වෙනුවෙන් ඒ ඒ දෙපාර්තමේන්තු සහ ආයතන වෙත උපදෙස් ලබා දීම.
  • දිවයිනේ මාරක රිය අනතුරු පිළිබද සංඛ්‍යා ලේඛන දත්ත සකස් කිරිම.
  • දීප ව්‍යාප්ත වැඩ සටහන් වශයෙන් මාර්ග ආරක්‍ෂක කටයුතු සංවිධානය කිරිම.
  • විශේෂ උත්සව අවස්ථාවන්හිදි රථවාහන ගමනා ගමනය පිළිබද උපදෙස් ලබා දිම හා සංවිධානය කිරිම.
  • රථවාහන තදබදය පවතින ස්ථාන සොයා බලා එම තත්වයන් අවම කරගැනිම සදහා රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් අදාල පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදිම.
  • රථවාහන ගමනා ගමනය සම්බන්ධයෙන් එදිනෙදා වෙනස් වන නිති රිති සම්බන්ධයෙන් සෙයා බලා ඒවා සම්බන්ධයෙන් නිලධාරින් දැණුවත් කිරිම,  සහ අදාල  චක්‍ර ලේඛ සකස් කිරිම.
  • සියඵම පොලිස් ස්ථාන වෙත ගොස් රථවාහන අංශයවල පොත්පත් හා ලේඛන හරියාකාරව පවත්වාගෙන යන්නේද නිලධාරින්ගේ රාජකාරි යෙදවිම ආදිය සම්බන්ධයෙන් පරික්ෂාවන් සිදු කිරිම.
  • ජාතික මට්ටමේ පාපැදි තරග සහ පාපැදි සවාරි සදහා පෙරගමන් සහ පසුගමන් රාජකාරි සැපයිම.
  • ශ්‍රි ලංකා පොලිසියේ  පරික්ෂණ ශ්‍රේණියේ නිලධාරින් පුහුණු කිරිම සහ ඊට අදාල පුහුණු වැඩ සටහන් පවත්වාගෙන යාම.
  • ශ්‍රි ලංකා පොලිසියේ  සැරයන් සහ කොස්තාපල් නිලයන් සදහා වු කණිෂ්ඨ රථවාහන පාඨමාලා පැවැත්විම.
  • රථවාහන නිලධාරින්ගේ නිළ ඇඳුම් සහ ආයිතත්ම් සැපයීම සඳහා කොට්ඨාස ගබඩාවක් පවත්වාගෙන යාම.
  • රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොලිසිය තුල අවශ්‍ය භාණ්ඩ සැපයිම සදහා වාර්ෂික දළ ඇස්තමේන්තු පිළියෙල කිරිමෙන් පොලිස්පතිතුමාට සහාය විම
  • දිවයිනේ  මාර්ග පද්ධතිය තුළ රථවාහන සම්බන්ධයෙන් ඇති සියළුම අණ පනත් නීතින් ක්‍රියාත්මක කරවිම සහ ඊට අවශ්‍ය සැලසුම් සැපයිම.
  • දිවයින තුළ සිදුවන රථවාහන අනතුරු නඩු ගැනිම් ආදි සියඵ දත්තයන් එක්රැස් කොට ඒවා විශ්ලේෂණය කිරිම සහ ආයතන යහපත් සහ ක්‍රියාකාරි රථාවහන පාලනයක් උදෙසා දැණුවත් කිරිම.

සංඛ්‍යාලේඛන හා දත්ත

2010 සිට 2021 වසර දක්වා වාර්තා වු රිය අනතුරු දත්ත වර්ථා පහත සදහන් කර ඇත..

වර්ෂයමාරක අනතුරුබරපතල අනතුරුසුලු අනතුරුඅලාභ අනතුරුඑකතුවමියගිය ගණන
2010257961241256016360376232721
2011249869651319617599402582677
2012231772091468017939421452444
2013219068701352515292378772362
2014226070711278113854359662440
2015260081861359513726381072816
2016283889321405013380392003020
2017296586661310212866375993154
2018299487951213811918358453151
201926457718106799391304332839
20202242695087055807237042363
20212414640180705434223192513

තවද, වර්තමානය වන විට රටේ ලියාපදිංචි වාහන සංඛ්‍යාව මුල් කර ගෙන ඇතිවන රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් යුතුව කොළඹ රථවාහන කොට්ඨාශය, බස්නාහිර පලාත උතුර රථවාහන කොට්ඨාශය  සහ බස්නාහිර පලාත  දකුණ රථවාහන කොට්ඨාශය වශයෙන් රථවාහන කොට්ඨාශ 03 ක් හදුන්වා දී ඇත. එනම්,

කොළඹ  රථවාහන කොට්ඨාශය – කොළඹ උතුර, කොළඹ මධයම සහ කොළඹ දකුණ  පොලිස් කොට්ඨාශ අධීක්‍ෂණය කරනු ලබයි. (දුරකථන අංකය – 0112433333)

බස්නාහිර පළාත උතුර රථවාහන කොට්ඨාශය – කැළණිය, ගම්පහ සහ මීගමුව  පොලිස් කොට්ඨාශ අධීක්‍ෂණය කරනු ලබයි. (දුරකථන අංකය – 0112947791)

බස්නාහිර පළාත දකුණ රථවාහන කොට්ඨාශය – නුගේගොඩ සහ ගල්කිස්ස යන පොලිස්) කොට්ඨාශ අධීක්‍ෂණය කරනු ලබයි.(දුරකථන අංකය – 0112862466

දුරකථන, ෆැක්ස් හා විදයුත් තැපැල් ලිපිනයන්

අනු අංකයතනතුරනමදුරකථන අංකයවිද්යුත් තැපැල් ලිපිනය
ස්ථාවරජංගම
01නියෝජ්‍ය පොලිස්පතිනියෝජ්‍ය පොලිස්පති- එච්.ඒ.කේ.ඒ. ඉන්දික හපුගොඩ011 – 2324984071 – 8592685dig.traffic@police.lk
02අධ්‍යක්ෂජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී-  ඩී.එස්.  විජේසිංහ011 – 2333094071 -8591967dig.traffic@police.lk
03සහකාර පොලිස් අධිකාරීසහකාර පොලිස් අධිකාරී- ඒ.ඒ.ඩබ්.එස්. කුමාරජීව011-2392889071 – 8591968dpdir.traffichq@police.lk
04ස්ථානාධිපතිප්‍රධාන පොලිස් පරීක්‍ෂක- පී.පී.එල්. රාජපක්‍ෂ011 – 2345278071 – 8591969oic.traffichq@police.lk

වර්තමානය දක්වා වු විකාශය

ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට 1899.12.01 වන දින ට්‍රෑම්ප් කාර් රථයක් ධාවනය කර ඇත.  ඉන් අනතුරුව 1899.12.14 වන දින තැපැල් වෑන් රථයක් මෙරටට ආනයනය කර ධාවන කටයුතු සදහා යොදවා ඇති අතර, 1902 වර්ෂයේදි මුල් වරට මෝටර් කාර් රථයක්ද,  1906 වර්ෂයේදි බස් රථයක් ද මෙරටට ආනයනය කර ඇත.

1899.12.01 වන දින ප්‍රථම වරට ධාවනය කල ට්‍රෑම්ප් රථය

1902 වර්ෂයේදි මුල් වරට මෙරටට ආනයනය කරන ලද මෝටර් කාර් රථය