නිවෙස් බිඳ මුදල් හා දේපල සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට

ජා ඇල පොලිස් වසමේ මාකවිට ප්‍රදේශයේදී ජා ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු 2024.10.24 වන දින අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුට වැලිසර, මිගමුව, මැදවච්චිය හා කහටගස්දිගිලිය ගරු මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු 12 ක් නිකුත් කර තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන ගෝනෑව, පණ්ඩුකාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිදුකල වැඩිදුර විමර්ශනයේදී සැකකරු විසින් ජාඇල, මීගමුව, පුත්තලම, අනුරාධපුර, තවරක්කුලම හා කල්ලංචිය පොලිස් වසම්වල ත්‍රිරෝද රථ හා යතුරු පැදි සොරකම්, නිවෙස් බිඳ දේපල සොරකම්, කොල්ලකෑම් හා තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදු කිරීම් කිහිපයකට අවශ්‍ය කර සිටි සැකකරු බවට අනාවරණය වී ඇත.

ජා ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.