පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සුභ සාධනය වෙනුවෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග වල දෙවන පියවර වශයෙන් නාරාහේන්පිට පොලිස් රෝහලේ වාට්ටු අංක 01 පොලිස් පරික්ෂකවරුන්ගේ සංගමයේ මුල්‍ය අනුග්‍රහකත්වයෙන් නවිකරණය කිරීමෙන් අනතුරුව නේවාසිකව ප්‍රථිකාර ලබා ගන්නා කාන්තා පොලිස් පරික්ෂක ශ්‍රේණියේ නිලධාරීනියන්ගේ පරිහරණය වෙනුවෙන් භාර දීමේ උත්සවය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝම්බර් මස 25 වන අද දින නාරාහේන්පිට පොලිස් රෝහල් පරිශ්‍රයේදී පැවැත්විය.
මෙම නවීකරණය කරන ලද වාට්ටු අංක 01 පරිශ්‍රය කාමර 05කින් සමන්විත වන අතර වායුසමනය කර කාමර සඳහා වෙන වෙන් වශයෙන් ශීතකරණ, කෑම මේස, ඩයලොග් ටීවී පහසුකම් ඇතුළු සියලු සනීපාරක්ෂක අංග වලින් සහිතව නිර්මාණය කර ඇත. පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් මුදල් යෙදවීමෙන් මෙම නවීකරණය කිරීම් කටයුතු සිදු කර ඇත.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා රාජිත ශ්‍රී දමින්ද මහතා, ඇතුළු පොලිසියේ උසස් නිලධාරීන් රැසක් සහභාගී විය.