පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත 2024.03.12 වන දින ඉදිරිපත්කල වයස අවුරුදු 33 ක් වන කහපත්වල ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් එහිදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබූ අතර නැවත ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මාවතමග පොලිසි ස්ථානය ආරම්භ කර තිබූ විමර්ශනයට අනුව මාවතගම ස්ථානාධිපතිවරයාට අදාල සැකකරු මලන්දෙනිය ප්‍රදේශයේ රැදී සිටින ස්ථානයක් පිළිබඳව තොරතුරක් ලැබී තිබේ.
මාවතගම පොලිස් නිලධාරීන් 2024.10.21 වන දින එම ස්ථානය වටලා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 200 ක් සහ ගෙවල් බිඳීමේ උපකරණ තිබී ඇත.
මාවතගම, යක්කල, සීදූව, මීරිගම, නිට්ටඹුව, වරකාපොල, දොරටියාව, මීගමුව, දංඕවිට හා කිරිඳිවැල පොලිස් වසම්වල නිවෙස් බිඳ දේපල සොරකම් රාශියක් සිදුකර ඇති බවට අනාවරණය වූ මෙම සැකකරු අධිකරණය මගින් වරෙන්තු 09 ක් ලබා ඇති අයෙකි.
දොරටියාව පොලිස් වසමේ නිවසක සිදුකළ දේපල සොරකමකදී සොරකම්කළ බෝර 12 වර්ගයේ ගිනි අවියක්ද ප්‍රශ්න කිරීම් මගින් පොලිසිය විසින් සොයා ගෙන ඇති ඇති අතර සොරකම් කරන ලද රන්භාණ්ඩ හා දේපල උකස් කර හා විකුණා මොහු මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
සැකකරු පලාගොස් සිටි කාල සීමාව ඇතුලත සිදුකල අපරාධ සම්බන්ධව මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.