විදේශ රටවල් කිහිපයක සිට මෙරටට ගුවන් තැපැල් මගින් ගෙන්වන ලද පාර්සල් කිහිපයක සූක්ෂම ලෙස සඟවා තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 07 ග්‍රෑම් 21 ක්, මැන්ඩි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 338 ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 143 ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය භාරයට ගෙන ඇත.
සැකකටයුතු පාර්සල් කිහිපයක් සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ පිහිටි ගුවන් තැපැල් ආයතනයක් 2024.10.21 වන දින සිදුකල දැනුම් දීම මත එම ආයතනය තුලදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය අදාල පාර්සල් 07 පරීක්ෂාවට ලක්කර තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විමර්ශන ආරම්භ කර ඇත.