තම වයස අවුරුදු 2 මාස 06 ක් වන දරුවා නිවසේ බිත්තියේ විදුලි පේනුවක් තුලට ඇතුල්කර තිබූ යකඩ ඇණය ගැලවීමට තැත්කල ලුණුගම්වෙහෙර සිපිල්යාය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු මවක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්වී තිබේ.
2024.10.22 වන දින සවස මෙම ඛේදනීය සිදුවීම සිදුව ඇති අතර අසල්වැසියන් විසින් ඇයව ලුණුගම්වෙහෙර රෝහලට ඇතුලත් කලද ඒ වන විටත් ඇය මියගොස් සිට ඇත.
ලුණුගම්වෙහෙර පොලිසිය සිදුවීම සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.