It has been observed from the information received so far that a large number of tourists are scheduled to visit Sri Lanka in the upcoming season. This opens up a great opportunity for Sri Lanka to boost its economy while earning the trust and respect of foreign nationals towards Sri Lanka. As a state that is renowned for its popularity as a famous tourist destination, we shall be held responsible for creating a hospitable environment for tourists to derive pleasure, entertainment, and knowledge with a great sense of security.
Taking the war situation in the Middle East and Eastern Europe into account, a special program for ensuring the safety of tourists is scheduled to be prepared and implemented by Sri Lanka Police and the Intelligence Units under the guidance and coordination of the Ministry of Defense and the Ministry of Public Security. The Tourist Police Division will be further strengthened, and the Acting Inspector General of Police, Mr. Priyantha Weerasooriya, will give special instructions to all police stations in this regard. As an initial step, the emergency telephone line 1997 has been made available for tourists from today onwards to inform any security-related matters to Sri Lanka Police.
The role played by the owners of tourist hotels, their staff, and all persons who are engaged in the field of tourism is highly appreciated, and the police expect that they will take the best possible measures within their scope to protect the lives and property of tourists in the future. In any situation, they may coordinate with the police stations in the area, and necessary instructions will be given to the police stations in the future.
All parties should pay attention to the threats that may be caused by thieves and harassment by certain employees. Further, the Sri Lanka Police will act in this regard with a new program in the future.
“විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම”
ඉදිරි සංචාරක වාරය තුල විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවට මේ වන විට ලැබී තිබෙන තොරතුරු මගින් නිරීක්ෂණය වී ඇත. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ශ්‍රී ලංකාව පිළබඳව විදේශීය ජාතිකයින් ඇති කර ගනු ලබන විශ්වාසය මෙන්ම ගෞරවයටද මහඟු අවස්ථාවක් උදා වීමකි. විදේශීය සංචාරකයින්ගේ ආකර්ශණය පවතින රාජ්‍යක් ලෙස මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව, ඔවුන් අපේක්ෂා කරන සතුට විනෝදය මෙන්ම දැනුම නිදහස්ව ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම අප කාගේත් වගකීමක් බවට පත්වේ.
ඒ අනුව මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යූරෝපයේ පවතින යුධමය වාතාවරණය ද සැලකිල්ලට ගෙන විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් හා සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා පොලිසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහිදී පොලිස් සංචාරක කොට්ඨාසය තවදුරටත් ශක්තිමත් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අතර සියලුම පොලිස් ස්ථාන වලට මේ පිළිබඳව විශේෂ උපදෙස් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කිරීමට නියමිතය. මේ මූලික පියවරක් වශයෙන් ඕනෑම සංචාරකයෙකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වන ගැටලුවක් පිළිබඳව 1997 දරණ ශ්‍රී ලංකා පොලිසියේ කෙටි දුරකථන අංකයට දැනුම් දීමේ අවස්ථාව අද දින සිට උදා වනු ඇත.
සංචාරක හෝටල් හිමිකරුවන්, මෙන්ම ඒවායේ කාර්ය මණ්ඩලයන්, ඒවාගේම සංචාරක ක්ෂේත්රයේ නියුතුව සිටින සියලුම පුද්ගලයින් මේ වන විටත් කරගෙන යනු ලබන කාර්යභාරය ඉතා අගය කරනු ලබන අතර ඉදිරියේදී සංචාරකයන්ගේ ජීවිත හා දේපල ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ සීමාව තුළ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගනිමින් ක්‍රියා කරනු ඇතැයි පොලිසිය අපේක්ෂා කරනු ලබයි. ඕනෑම අවස්ථාවක ඔවුන්ට අයත් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානයන් සම්බන්ධීකරණය කර ගැනීමෙන් කටයුතු කළ හැකි අතර ඉදිරියේදී ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් පොලිස් ස්ථානයන් වෙත ලබා දෙනු ඇත.
බාහිර සොර සතුරන්ගෙන් ඇති විය හැකි තර්ජනයන් මෙන්ම යම් යම් සේවකයන්ගෙන්ද ඇති විය හැකි කරදර හිරිහැර පිළිබඳව මෙහිදී සියළු පාර්ශවයන් අවධානය යොමු කළ යුතු අතර ශ්‍රී ලංකා පොලීසිය නව වැඩපිළිවෙලක් සහිතව මේ පිළිබඳව ඉදිරියේදී ක්‍රියා කරනු ඇත.