උතුරුමැද පළාතට පරිගණක අපරාධ කොට්ඨාසයේ උප ඒකකයක්

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ උතුරුමැද පළාත් උප ඒකකය ස්ථාපිත කිරීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානය තුල ඉදිකල නව ගොඩනැගිල්ල වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.10.20 වන අද දින විවෘත කරල ලදී.

දෙස් විදෙස් පරිගණක අපරාධකරුවන් අන්තර්ජාලය භාවිතයෙන් මාර්ගගත (Online) ක්‍රමයන් ඔස්සේ සිදුකරන මුදල් වංචා කිරීම්, දත්ත සොරාගැනීම්, පිරමීඩ මූල්‍ය ක්‍රම වැනි විවිධ වූ අපරාධයන්ට ගොදුරු වන උතුර මැද පළාත තුල හා ඊට ආසන්න ප්‍රදේශයන්හි වෙසෙන මහජනතාවට පැමිණිලි ඉදිරිපත්කිරීමට මෙන්ම තොරතුරු ලබාදීම පහසුකිරීම මෙම උප ඒකකය විවෘත කිරීමේ මූලික පරමාර්ථයයි.

අනතුරුව පොලිස් නිළධාරින්යේ මානසික සුවය සදහා බිලියටි ක්‍රිඩාවේ නිරතවිය හැකිවන සේ එම පරිශ්‍රයේ ඉදිකල ගොඩනැගිල්ල විවෘත කළ පොලිස්පතිතුමන් උතුරු මැද පළාතේ රාඡය නිවේදිත නිළධාරින් හා පොලිස් ස්ථානාධිපතිවරුන් සමඟ අනුරාධපුර චාවකචිචෙිරිය පොලිස් ස්ථානය තුලදී ප්‍රදේශයේ නීතිය සහ සාමය සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළ සහ එහි ප්‍රගතිය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක නිරතවිය.