උතුරේ කතුන්ගේ, ළමුන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහායි

ළමුන් සහ කාන්තාවන් සම්බන්ධව අපරාධ වාර්ථාවීම අවම කිරීම සඳහා ප්‍රමුඛ අවධානයක් යොමුකරමින් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සෑම පොලිස් ස්ථානයක් තුලම විධිිමත්ව පොලිස් ළමා හා කාන්තා කාර්යංශ පවත්වාගෙන යාම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකය.

සිංහල සහ දෙමළ භාෂා මනාව හැසිරවිය හැකි නිලධරයන් රාජකාරි අනුයුක්ත කරමින් ළමුන් සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා මෙන්ම අපරාධ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ඒ අනුව උතුරු පළාත සම්බන්ධයෙන් සකස්කර ක්‍රියාත්මක අතර ඊට සමගාමීව ළමා හා කාන්තා කාර්යංශ පවත්වාගෙන යාම සඳහා උතුරු පළාත තුල ප්‍රධාන පොලිස් ස්ථාන කිහිපයක විධිමත් ගොඩනැගිලි ඉදිකර අවසන්ය.

එලෙස සැලසුම් කර ක්‍රියාත්මක එම වැඩපිලිවෙලෙහි ප්‍රගතිය අධීක්ෂණය කරමින් වව්නියාවෙ පොලිස් කොට්ඨාසයේ ඕමන්තේ පොලිස් ස්ථානය තුල හා යාපනය පොලිස් කොට්ඨාසයේ කාවකච්චේරි පොලිස් ස්ථානය තුල ඉදිකල නව ළමා හා කාන්තා කාර්යංශ ගොඩනැගිලි විවෘත කිරීම වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.10.19 වන දින සහ 2024.10.20 වන දින සිදුකෙරුනි.