පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විද්‍යාල 08 ක් උදෙසා මාධ්‍යකරණය පිළිබඳව වැඩමුළුවක්

සමාජ මාධ්‍ය තුල දරුවන් ආරක්ෂා විය යුත්තේ කෙසේද? නිවැරදි සන්නිවේදනය සහ නිවැරදි සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් පවත්වනු ලබන තවත් එක් වැඩමුළුවක්, නිට්ටඹුව “Curfew Boys Youth Club” සංගමයේ ආරාධනයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් 2024.10.16 දින මීගමුව දකුණ ජාත්‍යන්තර පාසල නිට්ටඹුව ශාඛාවේදී දවස පුරා පවත්වන ලදී.

මෙම වැඩමුළුවේදී සයිබර් අපරාධ වලින් ආරක්ෂා වීම, සාර්ථක සන්නිවේදනය, වෙබ් පුවත්,ලිපි සැකසීම/ සාරාංශ කිරීම, කැමරාකරණය සහ වීඩියෝකරණය, ඡායාරූප සංස්කරණය සහ වීඩියෝ සංස්කරණය, ඩ්‍රෝන තාක්ෂණය මෙන්ම නව මාධ්‍ය භාවිතයන් පිළිබඳ පාසල් සිසුන් දැනුවත් කිරීම සහ ප්‍රායෝගික අද්දැකීම් ලබා දීම සිදු විය.

මේ සඳහා මීගමුව දකුණ ජාත්‍යන්තර පාසල නිට්ටඹුව ශාඛාව සිසු දරුවන් ඇතුළුව ආරාධිත පාසල් ලෙස, මීගමුව දකුණ ජාත්‍යන්තර පාසල මීගමුව ශාඛාව, නිට්ටඹුව රෝමානුකතෝලික විද්‍යාලය, නිට්ටඹුව බෞද්ධ විද්‍යාලය, වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය, ඌරාපොළ මධ්‍යමහා විද්‍යාලය සහ උඩුගහවල්පොළ විද්‍යාලය යන විද්‍යාල 8 හි මාධ්‍ය ඒකක වල සිදු දරු දැරියන් 150 ක් සහ ගුරු භවතුන් සහභාගී විය.