අපරාධ විමර්ශන විද්‍යාවේ නව මානයන් පිළිබඳ දැනුම මෙරට SOCO නිලධාරීන්ට ලබා දුන් විදෙස් පාඨමාලාවක ලාංඡන සහ සහතික පත්‍ර ප්‍රධානෝත්සවය

නව තාක්ෂනික ක්‍රමඋපායන් භාවිතයෙන් අපරාධ සිදුකරීමට පෙළඹෙන අපරාධකරුවන් පිළිබඳව වාර්තාවන කාල වකවානුවක ශ්‍රී ලංකා පොලිසිය අපරාධ විමර්ශනය කාර්යයයෙහි ප්‍රගමනයට විවිධ පැතිකඩ ඔස්සේ ක්‍රියාමාර්ග ගනිමින් සහ එම දැනුම නිලධාරීන් වෙත ලබාදීමට විවිධ වූ දෙස් විදෙස් වැඩමුළු පාඨමාලා පවත්වනු ලබයි.

එහි තවත් පියවරක් ලෙස පොලිස්පතුමාගේ ආරාධනය මත ඇමරිකානු තානාතිපති කාර්යාලයේ Law Enforcement Assistance Attache John G.Gollogly මහතා ඇතුලු කණ්ඩායමක් මෙරටට පැමිණ 2024.02.19 දින සිට 2024.10.04 දින දක්වා කාලය තුල අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් 57 දෙනෙකු සඳහා විදේශීය උපදේශකවරුන් යටතේ “ Scene Of Crime Officer Training Course ( Intermediate ) “ පුහුණු සැසි 03 ක් කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ, අපරාධ පරීක්ෂණ නිලධාරී පුහුණු කෙරෙන සංකීරණයේදී පැවත්වූහ.

අනතුරුව 2024.10.05 වන දින සිට 2024.10.16 වන දින දක්වා කාලය තුල ඇමරිකානු තානාතිපති කාර්යාලයේ අනුග්‍රහය මත විදෙස් උපදේශක මඩුල්ල Scene Of Crime Officer Training Course (Advanced) දින 05 ක පුහුණු සැසි 02 ක් මුල් පාඨමාලාව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් 57 දෙනෙකුගෙන් 38 දෙනෙකු සඳහා කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී පැවැත්වීය.

පුහුණු සැසි පැවැත්වීම සඳහා විදෙස් උපදේශක කණ්ඩායම විසින් රැගෙන පැමිණි පුහුණුව සඳහා අවශ්‍ය කරන Forensic camera උපාංග වැනි වෙනත් අධි වටිනාකමකින් යුත් උපකරණ , පුහුණු පඨමාලාව අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා පොලිසිය වෙත ප්‍රධානය කිරීමට ද කටයුතු තර තිබිණි.
පහුණු සැසි සඳහා සහභාගී වී සාර්ථකව දැනුම ලබාගත් දිවයින පුරා රාජකාරි අනුයුක්ත කර ඇති පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) වෙත සහතික පත් ප්‍රධානය සහ ලාංඡන පැළඳවීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිතුමිය වන H.E Julie J. Chung මහත්මියගේ සහ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 ප්‍රදේශයේ පිහිටන පොලිස් අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවනාගාරයේදී 2024.10.17 වන දින උදෑසන පැවැත්විය.

මෙම අවස්ථාව සඳහා අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රණ්මල් කොඩිතුවක්කු මහතා, පුහුනු සහ උසස් පුහුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයන්, ඇමරිකානු තනාතිපති කාර්යාලයේ නිලධරයන් රැසකගේ සහභාගීත්වය හිමි විය.