චිනයේ නියෝජ්‍ය තනාපතිතුමා සහ පොලිස්පතිතුමා අතර හමුව

ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති සූ යන්වෙයි (Zhu Yanwei) මහතා ඇතුලු චීන තානාපති කාර්‍යාල නිලධාරීන් පිරිසක් 2024.10.16 වන දින පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා හමුවිය.

මෙම අවස්ථාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතා සහ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ පාලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාල මහත්මීන් සහභාගී විය.

අන්තර්ජාල ආශ්‍රිත මූල්‍ය වංචාවන් සම්බන්ධව චීන ජාතිකයින් මෙරටදී අත්අඩංගුවට පත්වීම සහ ඔවුන් සතුව පවතින පරිගණක ආශ්‍රිත මෘදුකාංග චීන භාෂාවෙන් පැවතීම නිසා විමර්ශන කටයුතු වලදී විශාල වශයෙන් බාධා පැමිණෙන අතර, එම විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යාම සදහා අවශ්‍ය පූර්ණ සහයෝගය චීන ජනරජයෙන් ලබා දීමට මෙහෙදී එකගතාවය පළ විය.