කේරළ ගංජා කිලෝග්‍රෑම් 28 ග්‍රෑම් 395 ක් තලෙයිමන්නාරමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය භාරයට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය තලෙයිමන්නාරම උප ඒකකයේ නිලධාරීන් 2024.10.14 වන දින උදෑසන තලෙයිමන්නාරම පොලිස් වසමේ තොට අම්මාන් කෝවිල අසලදී කේරල ගංජා කිලෝ 02 ග්‍රෑම් 205 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත තවත් කේරළ ගංජා කිලෝ 26 ග්‍රෑම් 190 ක් අඩම්පන් පොලිස් වසමේ කැලෑ ප්‍රදේශයක සඟවා තිබියදී සොයා ගැනීමට සමත්වී ඇති අතර ඒ අනුව මුළු කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 28 ග්‍රෑම් 395 ක් සමඟ සැකකරු තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

ඔහු වයස අවුරුදු 25 ක් වන පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තලෙයිමන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.