සැකකරුවෙක් හෙරොයින් ග්‍රෑම් 250 මිලිග්‍රෑම් 590 ක් සමඟ අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 2024.10.14 වන දින සවස ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ස්ටේස්පුර ප්‍රදේශයේදී හෙරොයින් පාර්සලයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් හෙරොයින් පාර්සල් 02 ක් හමුවී ඇති අතර, එම පාර්සල් 03 කිරා මැණ බැලීමේදී ප්‍රමාණය හෙරොයින් ග්‍රෑම් 250 මිලිග්‍රෑම් 590 ක් ලෙස අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47 ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විදේශ රටක සිටින සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මෙම සැකකරු විසින් විවිධ ස්ථාන වෙත ඉල්ලුම පරිදි මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවත් ඒ සඳහා ඔහුට මාසිකව මුදල් ලැබී ඇති බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත. කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මොහු හා සම්බන්ධ වෙනත් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.