කේරළ ගංජා කිලෝග්‍රෑම් 04 යි ග්‍රෑම් 112 ක් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II නිලධාරීන් කණ්ඩායමක් 2024.10.13 වන දින වැල්ලම්පිටිය පොලිස් වසමේ වඩුගොඩවත්ත, මීතොටමුල්ල, වැල්ලම්පිටිය යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී රුපියල් ලක්ෂ 10 ට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ 04, ග්‍රෑම් 112 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 36 ක් වන පුද්ගලයකු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.