2024.10.13 වන දින අත්අඩංගුවට පත්වූ චීන ජාතිකයින් 31 දෙනෙකු සම්බන්ධව

මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් චීන ජාතික පරිමි පුද්ගලයන් 15 දෙනෙකු සහ එක් චීන ජාතික කාන්තාවක් මහනුවර පොලිස් වසමේ අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක් තුල නවාතැන් ගෙන සිටියදී 2024.10.13 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර එදිනම වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් ඇතුල්කෝට්ටේ මහල් නිවාස සංකීරණයක රැදී සිටි තවත් චීන ජාතික පිරිමි පුද්ගලයන් 11 දෙනෙකු හා චීන ජාතික කාන්තාවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර රැදී සිටි චීන ජාතික පිරිස විදේශ ගමන් බලපත්‍ර හෝ වීසා නොමැතිව රැදී සිට ඇති අතර ඇතුල්කෝට්ටේ මහල් නිවාසයෙන් අත්අඩංගුවට ගත් පිරිසෙන් 05 දෙනෙකු මෙරට රැදී සිට තිබෙන්නේ වීසා බලපත්‍ර නෙැමැතිවය, එමෙන්ම අනෙක් පුද්ගලයන් දස දෙනා සංචාරක වීසා මත මෙරටට තුල පරිගණක භාවිතයෙන් යම් රැකියාවක නියැලෙමින් සිටින බවට කරුණු අනාවරණය වී තිබේ.

මින් පෙර විදේශකයන් අත්අඩංගුවට ගත් මෙවැනි අවස්ථාවන් පරිදි පරිගණක සහ ජංගම දුරකථන රැසක් මොවුන් සන්තකයේ තිබීම හේතුවෙන් පරගණක අපරාධ හා සම්බන්ධ යම් නීති විරෝධී ක්‍රියාවක මොවුන් නිරතවන්නේද යන සැකය මත අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තුව මගින් ඉදිරි විමර්ශන සිදුකෙරෙනු ඇත.

එමෙන්ම 2024.10.12 වන දින පල්ලෙකැලේ පොලිස් වසමේ නන්තරන්පොත ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් චීන ජාතිකයින් 126 දෙනෙකු, වියට්නාම් ජාතිකයින් 02 ක්, තායිලන්ත ජාතිකයෙකු හා පිලිපීන් ජාතිකයෙකු ඇතුලු විදේශ ජාතිකයින් 130 දෙනා සමඟ මොවුන්ගේ යම් සබඳතාවයක්, මොවුන් ජාලගතව පවතීද යන්න විමර්ශන සිදුකරමින් පවතී.