බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී අහිමි වූ ජීවිත තුනක්

කළුතර දකුණ කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී 2024.10.12 වන දින රාත්‍රී 7 ට පමණ වයස අවුරුදු 21 හා 47 ක් වූ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 02 ක් වූ පිරිමි දරුවෙකු බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වී ඇත.

පිරිමි පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, දරුවා තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.
මියගිය වයස අවුරුදු 21 ක් වන පුද්ගලයා මියගිය දරුවාගේ පියා බවට තොරතුරු අනාවරණය වන අතර වේදිකාව සහ දුමරිය මඟ අතර සුළු පරතරයක අනාරක්ෂිත ලෙස හිදීමෙන් සිදුවී ඇති මෙම අනතුර සියදිවි නසාගැනීමක්ද, අපරාධයක්ද, දුම්රිය මාර්ගය හරහා යාමට ගත් උත්සහයක් අතරතුර සිදුවූ අනතුරක්ද යන්න අනාවරණය කරගැනීම සඳහා කළුතර දකුණ පොලිස් ස්ථානය විසින් මේ වන විට විමර්ශනය සිදුකරමින් පවතී.

මියගිය අවවළුන් කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.