පොලිස් නිලධරයන් උදෙසා පමණක්ම සෑම බ්‍රහස්පතින්දා දිනයකම විවෘත වන පොලිස්පති සහන මැදිරිය

පොලිස් නිලධරයන්ට තම රාජකාරීන් සම්බන්ධයෙන් සහ උසස්වීම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු, රාජකාරි සාර්ථකව සිදුකිරීම සඳහා බලපාන පෞද්ගලික හේතූන් මත ලබාගත යුතු සහන මෙන්ම ස්ථානමාරු පිළිබඳව සෘජුවම වැඩබලන පොලිස්පතිතුමා දැනුවත් කිරීම සඳහා ඉඩ සැලසූ අනගි අවස්ථාවකි පොලිස් සහන මැදිරිය.

සෑම බ්‍රහස්පතින්දා දිනකම පොලිස් සහන මැදිරිය පැය 0900 සිට පැය 1400 දක්වා පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

සියළු පොලිස් නිලයන්ට අයත් නිලධරයන්ට මේ සඳහා සහභාගී වී තම ගැටළුව ඉදිරිපත් කර කඩිනමින් සහන අපේක්ෂාකිරීමට හැකිවන පරිදි වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අවස්ථාව සලසා ඇත.

ඒ අනුව 2024.10.10 වන අද දිනයේද පොලිස් නිලධරයන් පොලිස් සහන මැදිරිය වෙත පැමිණි අතර වැඩබලන පොලිස්පතිතුමන් සෘජුව ඔවුන් සමඟ සාකච්ඡාකර අදාල ගැටළු සඳහා හැකි උපරිම සහනය ලබාදීමට ගතයුතු ඉදිරි පියවර ගන්න ලදී.