නාඳුනන මල සිරුරක් සම්බන්ධයෙන් විමර්ෂන ක්‍රියාත්මකයි.

පල්ලම පොලිස් වසමේ ආඩිගම රස්නායකපුර මාර්ගයේ කාලයාගම ප්‍රදේශයේ 2024.10.11 වන දින පිරිමි පුද්ගලයෙකු වැටී සිටින බවට ලද පණිවිඩයක් මත පල්ලම පොලිසිය විමර්ශන ආරම්භ කරන ඇත. නිලධාරීන් එම ස්ථානයට යන විටත් මෙම පුද්ගලයා මාර්ගයේ වැටී සිට ඇති අතර එසැනින් ඔහුව හලාවත රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර ඇත.එහිදී වෛදවරුන් විසින් මෙම පුද්ගලයා මියගොස් ඇති බවට දන්වා ඇත.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 65ක් පමණ වන උස අඩි 05 යි අඟල් 06ක් වන පුද්ගලයෙකු වන අතර දුබුරු පැහැති කමිසයක් හා දුඹුරු පැහැති සරමක් හැද සිට ඇත.