උතුරු මුදුකටුව වෙරල තීරයට ගොඩ ගැසූ හඳුනා නොගත් මළ සිරුර සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

රවිල පොලිස් වසමේ උතුරු මුදුකටුව ප්‍රදේශයේ වෙරල තීරයට 2024.10.10 වන දින පිරිමි මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට ලද පණිවිඩයක් මත මාරවිල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 30 ත් 40 ත් අතර වන අඩි 05 යි අඟල් 03ක් වන වම් අතේ තරුව,අඩ හඳ සහ මාළුවෙකුගේ රූපයන් සහිත පච්ච කොටා ඇත. මළ සිරුර අධික ලෙස නරක් වී ඇති අතර මෘත ශරීරයේ දකුණු අත සහ වම් කකුල නොමැත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මාරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.