ආරක්ෂක ලේකම්තුමා සහ වැඩබලන පොලිස්පතිතුමා අතර ප්‍රථම නිල හමුව

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා 2024.10.02 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටන ආරක්ෂක මූලස්ථානයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා මහතා හමුවී සුහඳ සාකච්ඡාවක නිරත විය.

මෙය ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා මහතා සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අතර සිදුවූ ප්‍රථම නිල හමුවීම ලෙස සනිටුහන් විය.

එහිදී හමුවීම සිහිගන්වමින් දෙපළ අතර සමරු සිහිවටන ප්‍රධානයන්ද සිදුවිය.