අයිස් ග්‍රෑම් 920ක් සමඟ සැකකරු කොස්ගහදෙනියේදී පොලිස් අත්අඩංගුවට

වැලිපැන්න පොලිස් වසමේ කොස්ගහදෙනිය ප්‍රදේශයේදී 2024.10.02 වන දින වැලිපැන්න පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 920 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන කොස්ගහදෙනිය, වලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.