අවුරුදු 20ක තරුණයා අයිස් කිලෝ 01 ග්‍රෑම් 838ක් සමඟ මිදිගම පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවේ.

මිදිගම පොලිස් වසමේ ඉබ්බාවල ප්‍රදේශයේදී 2024.10.02 වන දින මිදිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත යතුරුපැදියක් පරීක්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 838ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර යතුරු පැදියද පොලිස් නිලධාරීන්ගේ බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන පැලෑන, වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මිදිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.