පියෙක් සහ දියණියක් සොයා විමර්ශන, තොරතුරක් දන්නේ නම් දැනුම්දෙන්න.

මීගමුව ශාන්ත ජූඩ් පෙදෙසෙහි පදිංචිව සිටි වයස අවුරුදු 41 වන තංගලවේ කමලදාසන් නම් පුද්ගලයෙකු සහ වයස අවුරුදු 02 මාස 09 ක් වූ පත්මනාදන් පවිස්කා නම් ඔහුගේ දියණිය පිළිබඳව 2024.09.14 වන දින සිට තොරතුරක් නොමැති බවත්, ඒ අනුව ඔවුන් අතුරුදහන් බවත් සඳහන්කරමින් අතුරුදහන් පුද්ගලයාගේ බිරිද විසින් මීගමුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

ඒ අනුව පියා සහ දියණිය සොයා මීගමුව පොලිසිය විමර්ශන ආරම්භකර ඇති අතර ඔබ යම් තොරතුරක් මොවුන් සම්බන්ධව දන්නේනම් පහත සඳහන් දුරකථන අංක අමතා දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සියන්නෙමු.

*අතුරුදහන් දැරියගේ විස්තර

නම – පත්මනාදන් පවිස්කා
වයස – අවුරුදු 02 මාස 09
හැඩරුව – උස සෙන්ටිමීටර් 92 ක් පමණ වන අතර, කොණ්ඩය කොටට කපා ඇත. දකුණු පාදයේ කලව ප්‍රදේශයේ උපන් ලපයක් ඇත.

*අතුරුදහන් වූ පුද්ගලයාගේ විස්තර

නම – තංගවේල් කමලදාසන්
වයස – අවුරුදු 41
ලිපිනය – අංක 56/1, ශාන්ත ජූඩ් පෙදෙස, මීගමුව
හැඩරුව – අඩි 05 අඟල් 03 ක් පමණ උසැති කලෙළු සාමාන්‍ය සිරුරැති කොණ්ඩය පිටුපසට පීරා කොටට කපා ඇත. නාසයේ වම් පැත්තේ ලපයක් ඇත.

දුරකතන අංක –
ස්ථානාධිපති, මීගමුව පොලිස් ස්ථානය – 071 8591630
පොලිස් ස්ථානය, මීගමුව – 031 2222222