පුරාවස්තු කැණීමකට සමබන්ධ සැකකරුවන් දෙදෙනෙකු STF අත්අඩංගුවට

පුරාවස්තු සොයා සිදුකර ඇති කැණීමක් සම්බන්ධව ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් 2024.09.30 වන දින පස්සර පොලිස් වසමේ පරමංකඩ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහි දී ඔවුන් සන්තකයේ තිබී පෞරාණික වටිනාකමක් ඇති ස්ථානයකින් පුරාවස්තු කැණීම් සිදු කර ලබා ගන්නා ලද ඉතා දුර්ලභ ගණයේ විවිධ බරින් හා විවිධ පැහැයෙන් යුත් මැණික් ගල් 11 ක්, රන් පැහැති මංජුසාවක්, රිදී පැහැති බුදු පිළිමයක් සහ තඹ පැහැති ඇත් පිළිම 03 ක් සොයාගෙන පොලිස් භාරයට ගෙන තිබේ.‍

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට්ටිමුල්ල, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 සහ 63 වයසේ පසුවන පුද්ගලයින් වන අතර ඔවුන් සමඟ සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් දෑ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පස්සර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.