ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මාතර පොලිස් විශේෂ කාර්යංශයේ නිළධාරීන් ලබාදුන් තොරතුරක් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් 2024.09.30 වන දින දහවල් මාතර උනැල්ල ප්‍රදේශයේදි පුද්ගලයෙකු සැකපිට පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී ඔහු සන්තකයේ තිබී එක වර උණ්ඩ 05 ක් යෙදිය හැකි රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සොයාගැනීමට හැකි වී ඇති අතර ඒ සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 28 ක් වූ උනැල්ල, පාලටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මාතර පොලිසිය සැකකරු සහ අවිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.