හෙරොයින් ග්‍රෑම් 84 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හෙරොයින් ග්‍රෑම් 84 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු 2024.09.29 වන දින උදෑසන වැල්ලම්පිටිය පොලිස් වසමේ සේදවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කුලී රථ රියදුරෙකු වශයෙන් රැකියාව සිදුකරන වයස අවුරුදු 37 ක් වන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සැකකරු ගරු අධිකරණය වෙත ඉදිරිපත්කර සැකකරු සම්බන්ධ අනෙකුත් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.