කුඹුක්ගැටේ පොලිස් වසම – මාරක රිය අනතුරක්

ඉබ්බාගමුව මඩගල්ල මාර්ගයේ කුඹුක්ගැටේ පොලිස් වසමේ 05 වන කිලෝමීටර් කණුව ආසන්නයේ 2024.09.29 වන දින රාත්‍රී 0800 ට පමණ සිදුවී ඇති මාරක රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ දොරටියාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි වයස අවුරුදු 38 ක් වූ පොලිස් කොස්තාපල් රියදුරු 19167 ජනක මදුරංග ජයතිලක නිලධාරියා රෝහල්ගත කරන අතරතුර ජීවිතක්ෂයට පත්වී ඇත.

නිලධාරියා වයස අවුරුදු 27 ක් වූ පුද්ගලයෙකු සමඟ යතුරු පැදියක නැගී ඉබ්බාගමුව දෙස සිට මඩගල්ල දෙසට ගමන්ගෙන ඇති අතර පසුපසින් පැමිණි ලංගම බස්රථයක් යතුරුපැදිය පසුකර යන අවස්ථවේදී යතුරුපැදියේ හැඩලය බස්රථයේ බද කොටසේ ගැටී යතුරුපැදිය පෙරලීගොස් අනතුර සිදුවී තිබේ.

වයස අවුරුදු 27 ක් වූ පුද්ගලයා කුරුණෑගල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

දිවි අහිමි වූ නිලධාරියා ඉහලගම, කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන කුඹුක්ගැටේ පොලිසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.