විදේශයක නිෂ්පාදිත පිස්තෝල අවියක් පොලිස් විශේෂ කාර්ය බලකයේ නිලධාරීන්ගේ අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථාන කඳවුරේ නිලධාරීන් 2024.09.29 වන දින උදෑසන වැලිවේරිය පොලිස් වසමේ ජයබිම, කිරිකිත්ත ප්‍රදේශයේ වැටලීමක් සිදුකර රුසියාවේ නිෂ්පාදිත අර්ධ ස්වයංක්‍රීය පිස්තෝල වර්ගයේ අවියක් හා එම සජීවී පතරොම් 06 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැලිවේරිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37 ක් වන ජයබිම, කිරිකිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වැලිවේරිය පොලිසිය සැකකරු සම්බන්ධව සහ ගිනි අවිය යම් අපරාධයක් සඳහා යොදගත් අවියක්ද සම්බන්ධව කරුණු අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.