අංගොඩ ජීලේ නැමැත්තාගේ ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.09.28 වන දින තලංගම පොලිස් වසමේ වැටලීමක් සිදුකර ඇත.
එම වැටලීමෙන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 500 ක්, කේරළ ගංජා ග්‍රෑම් 51 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක සහිත මුදල් රුපියල් 274,400.00 හා ඩිජිටල් තරාදියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලංගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පොන්නම්පෙරුමගේ ධනුෂ් බුද්ධික නොහොත් “අංගොඩ ජීලේ” නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන ප්‍රධාන ගෝලයෙකු බව වැඩිදුර විමර්ශනයේදි අනාවරණය වී ඇත.