සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා ඔබේ සහය අවශ්‍ය යි

ව්‍යාජ ලේඛණ සකස් කර රුපියල් මිලියන 150 ක් වටිනා ඉඩමක් අත්පත් කර ගැනීමක් සම්බන්ධව ලද පැමිණිල්ලක් සම්බන්ධව විමර්ශන ආරම්භකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එකී විමර්ශනයට අදාලව ඡායාරූපයේ දැකවෙන කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරනු ලබයි.

මෙම කාන්තාව අන්අයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ඔප්පුවේ අත්සන යොදා අදාල ඉඩම අත්පත්කරගෙන ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මැය පිළිබදව හෝ මැය වාසය කරනු ලබන යම් ස්ථානයක් පිළිබඳව තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත නොපමාව දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකතන අංක –

  1. වාණිජ අපරාධ විමර්ශන අංශය – 011- 2434504
  2. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – මෙහෙයුම් මැදිරිය – 011-2422176