කොළඹ රථවාහන මූලස්ථානයේ නිලධාරීන් මෙවර ගලහිටියාව මධ්‍යම මහා විද්‍යාලයට

රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතාගේ නායකත්වය සහ අධීක්ෂණය යටතේ සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට සැලසුම්කර ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ අතිශය කාලෝචිත වැඩසටහන කොළඹ රථවාහන මූලස්ථානය විසින් 2024.09.13 වන ඊයේ දින පවත්වන ලද්දේ ගලහිටියාව මධ්‍යම මහා විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙනි.

ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද ඇසුරින් රථවාහන හැසිරවීමේ දැනුම මෙන්ම ආරක්ෂාවීමේ මාර්ග නීති පිළිබද දැනුම විද්‍යාලයේ ප්‍රධාන දේශන ශාලාවට එක්රැස් වූ පාසලේ රිය නියාමක සිසුන් ප්‍රධානව සිසු සිසුවියන් 500 දෙනෙකු සඳහා නොයෙක් ඉගැන්වීම් විධික්‍රම භාවිතා කරමින් ආකර්ශනීයව ලබාදීමට කොළඹ රථවාහන මූලස්ථානයේ ප්‍රවීණ දේශක උප පොලිස් පරීක්ෂක දයාල් කාරියවසම් මහතා එහිදී කටයුතු කර ඇත.

මෙම වැඩසටහන සඳහාද ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් (Fairfirst Insurance) පුද්ගලික ආයතනය සාදර අනුග්‍රහය ලබාදී ඇති අතර, ඒ් යටතේ මෙවරත් දේශනයේදී රථවාහන පොලිස් නිලධාරීන් යොමුකළ ප්‍රශ්න සදහා නිවැරදි පිළිතුරු ලබාදුන් පාසල් සිසු සිසුවියන් වෙත රථවාහන මූලස්ථානයේ නිලධාරීන් වටිනා ත්‍යාග ප්‍රධානය කර තිබේ.