රථවාහන මූලස්ථානයේ ප්‍රවීන දේශක නිලධාරීන්ගෙන් සීගිරිය,කණ්ඩලම සිසු ප්‍රජාවට මාර්ග ආරක්ෂාවේ පාඩම

රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතාගේ නායකත්වය සහ අධීක්ෂණය යටතේ කොළඹ රථවාහන මූලස්ථානයේ සේවයේ නියුතු පොලිස් නිලධරයන් සමස්ථ දිවයින ආවරණය වන පරිදි පැවැත්වීමට සැලසුම්කර ඇති මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩමුළුවක් 2024.09.12 වන දින කණ්ඩලම ඩී.ඇස් සේනානායක විද්‍යාලයේදී හා සීගිරිය, ඉනාමළුව වීර විජය විමලරතන විද්‍යාලය දි සාර්ථකව පවත්වා ඇත.

ප්‍රදේශයේ පාසල් දුවා දරුවන් 1500කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වූ එම වැඩමුළු සඳහා සාදර අනුග්‍රහය මෙවරද ෆෙයාර්ෆස්ට් ඉන්ෂුවරන්ස් (Fairfirst Insurance) පුද්ගලික ආයතනය ලබාදී තිබේ.

වැඩමුළුව අතරතුර රථවාහන පොලිස් නිලධාරීන් යොමුකළ ප්‍රශ්න සදහා නිවැරදි පිළිතුරු ලබාදුන් පාසල් සිසු සිසුවියන් වෙත ත්‍යාග ප්‍රධානයක් සහ වැඩමුළුව සඳහා සහභාගී වූ දරු දැරියන් උදෙසා සහතිකපත් ලබාදීමටද රථවාහන මූලස්ථානයේ නිලධාරීන් කටයුතු කර ඇත.

වැඩමුළුව මෙහෙයවීම සහ දේශන පැවැත්වීම උප පොලිස් පරීක්ෂක දයාල් කාරියවසම් මහතා ඇතුලු රථවාහන මූලස්ථානයේ නිලධාරීන් විසින් සිදුකර තිබේ.