ඩෙංගු රෝග ව්‍යාප්තියට එරෙහිව පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසයෙන් වි‍ශේෂ වැඩසටහනක්

කොළඹ මහා නගර සභා සීමාව තුල ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීග්‍ර වර්ධනයක් සෞඛ්‍ය අංශ විසින් නිරික්ෂණය කිරීමත් සමඟ එම අවධානම් තත්වය සැලකිල්ලට ගෙන කොළඹ මහාධිකරණ සංකීර්ණ පරිශ්‍රය තුල විශේෂ ඩෙංගු මර්ධන ශ්‍රමදාන වැඩසටහනක් 2024.09.07 වන දින පැය 0830 ට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි D.K.M.P. පෙරේරා මහතාගේ අනුදැනුම මත පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාශයේ සංවිධානයෙන් පැවැත්විය.

ඒ සඳහා මහාධිකරණ ප්‍රධාන රෙජිස්ටාර් රංජිත් මහතා,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්,කොළඹ දිසාවේ පොලිස් කොට්ඨාශ වල නිලධරයන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්,කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු බොහෝ පිරිසකගේ සහයෝගය ලැබුනු අතර අධිකරණ සංකීර්ණය ආවරණය වන පරිදි පරිසර ආරක්ෂණ කොට්ඨාශයේ ඩ්‍රෝන යානයක් මගින් එහි උස් ස්ථාන පරික්ෂා කිරීම් සිදුකල අතර එහිදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවධානම් සහිත ස්ථාන හඳුනාගෙන එම අවධානම් තත්වයන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.
ඉන් අනතුරුව අධිකරණ සංකීර්ණ පරිශ්‍රය දුමානයන කටයුතු සිදුකෙරුණි.

මෙහිදී කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂණ නිලධාරියෙකු විසින් එම වැඩසටහන සදහා සහභාගි වු සියළුම නිලධාරීන්ව ඩෙංගු රෝග ව්‍යාප්තිය සහ එය පාලනය කිරීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම එහි වගකීම සම්බන්දයෙන් දැනුවත් කරන ලදී.