පොලිස් ශිෂ්‍ය භට කොට්ඨාසයෙන් පාසල් දරුවන්ට වැඩමුළුවක්

පොලිස් ශිෂ්‍ය භට කොට්ඨාසය මඟින් පාසල් දරුවන්ගේ නායකත්ව කුසලතා වැඩිදියුණු කිරීම හා මත් ද්‍රව්‍ය භාවිතයට යොමු වීම වැළැක්වීම වෙනුවෙන් නායකත්ව පුහුණු හා මත් ද්‍රව්‍ය නිවාරණ එක්දින වැඩමුළුවක් අම්පාර සමන්තුරෙයි මල්වත්ත මධ්‍ය මහා විද්‍යාලයේදී 2024.08.29 වන දිපොලිස් ශිෂ්‍ය භට කොට්ඨාසය මඟින් පාසල් දරුවන්ගේ නායකත්ව කුසලතා වැඩිදියුණු කිරීම හා මත් ද්‍රව්‍ය භාවිතයට යොමු වීම වැළැක්වීම වෙනුවෙන් නායකත්ව පුහුණු හා මත් ද්‍රව්‍ය නිවාරණ එක්දින වැඩමුළුවක් අම්පාර සමන්තුරෙයි මල්වත්ත මධ්‍ය මහා විද්‍යාලයේදී 2024.08.29 වන දින පැවැත්විය.

මෙම වැඩසටහන සඳහා ප්‍රදේශයේ පාසල් 05 ක ශිෂ්‍ය නායක නායිකාවන් 200ක්, විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් පිරිසක් සහභාගි වූ අතර වැඩසටහන සාර්ථකව අවසන් කිරීම වෙනුවෙන් දරුවන් හට සහතික පත්‍රයක් පිරිනැමීමද සිදුවිය.

මෙම වැඩමුළුව පුහුණු හා උසස් පුහුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මැතිතුමාගේ මඟ පෙන්වීමෙන්, පොලිස් ශිෂ්‍යභට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති S.M.Y සෙනවිරත්න මැතිතුමාගේ හා පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මැතිතුමාගේ නායකත්වය යටතේ හා සෘජු අධීක්ෂණය යටතේ පවත්වනු ලැබීය.

ඒ සඳහා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ජයපත්ම,කල්මුණ දිස්ත්‍රික් භාර සහකාර පොලිස්‌ අධිකාරී බුද්ධික, සමන්තුරේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සම්බන්ධ විය.