“තොරතුරක් වෙතොත් දැනුම් ‍දෙන්න”

කළුතර දකුණ, කටුකුරුන්ද, දුම්රියපල පාර ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකු 2024.05.20 වන දින ටි.56 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධයට අදාළව කළුතර දකුණ පොලිසිය විමර්ශන සිදු කර සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කිරීමේදී මෙම අපරාධය සැලසුම් කිරීම, ආධාර අනුබල දීම හා අපරාධකරුවන්ට නවාතැන් පහසුකම් සැලසිම සම්බන්ධයෙන් පහත සැකකරුවන් සිව්දෙනා පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.

*සැකකරුවන්ගේ විස්තර*

(1) ගමගේ නවින් ධනංජය

973250899v

වල්පිට, බෝබුවල, දොඩංගොඩ.

(2) මොහොමඩ් අලියර් මොහොමඩ් ඉම්රාන්ඛාන්

892510997v

වික්‍රමසිංහ පෙදෙස, කළුතර දකුණ.

(3) විමුක්ති වර්ණකුලසූරිය

132/4බී විහාර කන්ද ග්‍රාම සේවා වසම.

(4) විතානගේ අහාන් පුබුදු කුමාර සිල්වා

972182427 v

මින්නේරි තැන්න පන්සල, කිතුලාවල, කළුතර දකුණ.

මේ වන විට පදිංචි ලිපිනය අතහැර ගොස් සිටින මෙම සැකකරුවන් සම්බන්ධව ඔබ දන්නා යම් තොරතුරක් වේ නම් නොපමාව පහත සඳහන් දුරකථන අංක අමතා දැනුම් දෙන්න

දුරකතන අංක –

01. මූලස්ථාන පොලිස් පරික්‍ෂක – කළුතර දකුණ – 071 – 8591691

02. අපරාධ විමර්ශන අංශය – කළුතර දකුණ – 071 – 8594360