158 වන අභිමානවත් සංවත්සර දිනය වෙනුවෙන් අනුරපුරයේදී ආගමික වැඩසටහනක්

2024.09.03 වන දිනට යෙදි ඇති ශ්‍රි ලංකා පොලිසියේ 158 වන අභිමානවත් සංවත්සර දිනයට වෙනුවෙන් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ආගමික වැඩසටහනක් අනුරාධපුර පොලිස් කොටිඨාශයේ සංවිධානයෙන් ශ්‍රි මහා බොධින් වහන්සේ අභියස හා රුවන්වැලි මහා සෑ රදුන් කේන්ද්‍ර‍කර ගනිමින් 2024.08.30 වන දින උදෑසන පැවැත්වුනි.

අනුරාධපුර කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුලුව පොලිස් නිලධාරීන් රැසක් ශ්‍රී ලංකා පොලිස් සේවයේ නියුතු අසූ දහසකට අධික පොලිස් නිලධාරීන් නියෝජනය කරමින් මෙහි විවිධ වූ පිංකටයුතු සඳහා සැදැහැ සිතින් සහභාගී වූ අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වැ.බ පරිපාලන) ලලිත් පතිනායක මහතා මෙම අවස්ථාවන් අතරතුර රුවන්වැලි සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැදැක ශ්‍රී ලංකා පොලිසියේ මහජන සේවය, නායකත්වය සඳහා අවැසි ආශිර්වාද සහ අනුශාසනා ලබාගන්නා ලදී.