පොලිස් විශේෂ කාර්ය බලකාය 40 වන රණවිරු ගුනානුස්මරණය

පොලිස් විශේෂ කාර්ය බලකායේ හතලිස් වන රණවිරු ගුනානුස්මරණය 2024.09.01 වන දින කලුතර,කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී පැවැත්වුනි.මේ අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වු අතර විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා ද විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරීන් සහ රටදැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගි වුහ.

උතුරු නැගෙනහිර පැවැති ත්‍රස්තවාදී යුද්ධයේ දී විශේෂ කාර්ය බළකායේ රණවිරුවෝ 464 දෙනෙක් සහ සිවිල් සේවකයෝ 06 දෙනෙක් මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය සහ සෛවරිභාවය වෙනුවෙන් දිවි පිදූහ. එලෙසම රණවිරුවන් 774ක් තුවාල ලබා පුර්ණ ආබාධිත බවට පත් වුහ.

1984 සැප්තැම්බර් පළමු වැනිදා යාපනය සහ පේදුරු තුඩුව අතර ටික්කම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ගමන් ගත් ට්‍රක් රථයක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් ඇටවු බිම් බෝම්බයකට හසුව විශේෂ කාර්ය බළකායේ මුල්ම සාමාජිකයන් සිව්දෙනා මාතෘ භුමියේ භෞමික අඛණ්ඩතාවය සහ සෛවරිභාවය වෙනුවෙන් ස්වකීය අවසන් සුසුම් පොද වාතලයට මුසු කරන ලදි. පොලිස් සැරයන්වරුන් වන ආර් චන්ද්‍රපාල, පී.ඒ. ඒකනායක, එල්.ඩී. නානායක්කාර සහ පොලිස් සැරයන් රියදුරු එච්.ඩී. සුමනසේකර යන නිලධාරීන් සිව්දෙනා මියගොස් තවත් එකොළොස් දෙනෙකු තුවාල ලබමින් ඔවුන් ගමන් ගත් ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකට හසු වුවේ යුද ම්ලේච්ඡත්වයේ රුදුරු බව පසක් කරමිනි.

මේ සිදුවීම විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය ලෙස නම්කර මේ දක්වා මාතෘ භුමිය වෙනුවෙන් දිවිඳුන් පොලිස් ව්ශේෂ කාර්ය බලකායේ සෑම රණවිරුවකුම මෙහිදී සිහිපත් කරනු ලබයි. එම රණවිරු සැමරුම් උළෙලේදී රණවිරු පවුල්වල අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට පාසල් උපකරණ බෙදා දීමද ⁣ සිදුකරන ලදි.