ශ්‍රී පුර ඝාතනයේ ප්‍රධන සැකකරුවෙකු වන මොහු පිළිබඳව යම් තොරතුරක් ඔබ දන්නේ ද? දැනුම් දෙන්න

ස්ථානාධිපති, ශ්‍රී පුර පොලිස් ස්ථානය – 0718591181
පොලිස් ස්ථානය, ශ්‍රී පුර – 0252255062

ටී-56 ගිනි අවියකින් වෙඩි තබා 2024.08.16 වන දින අළුයම ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දිය ආසන්නයේ වී වේලමින් සිටි 26 හැවිරිදි තරුණයෙකු ඝාතනයට කර NP BDG-7865 දරණ සුදු සහ නිල් පැහැති ඩියෝ වර්ගයේ ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පලා ගිය ප්‍රධන අපරාධකරුවෙකු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

ඔහු අවිස්සාවේල්ල ප්‍රදේශයේ සමරුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වීමත් සමඟ අත්අඩංගුවට ගැනීමට වහා ක්‍රියාත්මක වුනද සැකකරු ස්ථීර පදිංචිය අතහැර පලාගොසිනි.

ඡායාරූපයන්හි දැක්වෙන එම සැකකරු වෙසෙන ස්ථානයක් පිළිබඳව හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි ප්‍රයෝජනවත් විය හැකි තොරතුරක් ඔබ දන්නේ නම් නොපමාව ඉහත සඳහන් දුරකතන අංක අමතා දැනුම් දෙන්න.