දේපල සොරකම් සහ කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

වැලිකඩ පොලිස් වසමේ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත 2024.08.13 වන දින වැටලීමක් සිදුකර දේපල සොරකම් කිහිපයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරු විසින් මත්තේගොඩ, රාගම, ගණේමුල්ල හා හෝමාගම පොලිස් වසම්වල කොල්ලකෑම් සහ දේපල සොරකම් කිහිපයක් සිදුකර ඇති අතර, රන් ගුලි 03 ක්, කොණ්ඩය කපන මැෂිමක්, කැමරා 02ක්, ලී කපන මැෂිමක්, ඩ්‍රිල් මැෂිමක්, ග්‍රයින්ඩරයක්, කුඩා මැණිල් ගල් 03 ක්, සපත්තු ජෝඩුවක් සහ මුදල් රුපියල් 5000/- ක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුව‌ට ගත් සැකකරු වයස අවුරුදු‍ 33 ක් වන රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.