මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් දැලේ

හංවැල්ල කුමාරි ඇල්ලට නුදුරින් පාළු ස්ථානයක කපා කොටා ඝාතනය කරන ලද තරුණයකුගේ සිරුරක් ඇති බවට හංවැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු CCTV කැමරා දර්ශන ඔස්සේ සිදු කරගෙන යන අතර තුර පෞද්ගලික ඔත්තු කරුවෙකුගෙන් ලද තොරතුරක් මත මෙම ඝාතනය සිදු කරන ලද සැකකරු අත්අඩංගුවට ගැනීමට හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේ දී මෙම ඝාතනය සිදු කරන අවස්ථාවේ ඇඳ සිටි ඇදුම් හා භාවිතයට ගත් යතුරු පැදිය ඇතුළු සාක්ෂි රැසක් හමුව ඇති අතර මෙම සැකකරුගෙන් තවදුරටත් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වල දී මෙම ඝාතනය සඳහා ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමෙන් පසු එම සැකකරුද හංවැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 සහ 44 යන වයස්වල පසුවන මිල්ලගහවත්ත සහ හේවාඉන්න යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් දෙදෙනාම නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවිස්සාවේල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු හංවැල්ල පොලිසිය විසින් සිදු කරනු ලබයි.