විෂ රසායනික ද්‍රව්‍යයක් ආඝ්‍රාණය වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියයයි

මාලඹේ පොලිස් වසමේ කහන්තොට ප්‍රදේශයේ නිවසක යම්කිසි රසායනික ද්‍රව්‍යයක් ආඝ්‍රාණය වූ පුද්ගලයින් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයෙන් 2024.08.12 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව මාලඹේ පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරුවන් වයස අවුරුදු 45 හා 63 වයස් වල පසුවන මොණරාගල සහ කහන්තොට ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.මාලඹේ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්න සිදුකරනු ලබයි.