මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

එරාවූර් පොලිස් වසමේ මිච්චිනගර් ප්‍රදේශයේදී 2024.08.06 වන දින රාත්‍රී කාලයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය විසින් විමර්ශන සිදුකර සිද්ධියට සම්බන්ධ සැකකරු 2024.08.12 වන දින අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 26ක් වන එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු මුදල් හා ඒ.ටී.එම්. කාඩ්පතක් සොරකම් කර එම කාඩ්පත භාවිතා කර මුදල් ලබා ගැනීමේ අපරාධයක් සම්බන්ධයෙන්ද අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවට මේ අනාවරණය වී ඇත.සිද්ධිය සම්බන්ධයෙන් එරාවූර් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.