2024 ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර දීමට අදාළව 2024.08.15 වන දින පැය 0800 සිට පැය 1400 දක්වා,
  1. පොල්දූව දෙස සිට සහ නාවල පාරෙන් කොළඹට ඇතුළු වන සියළුම වාහන සාමාන්‍ය පරිදි වැලිකඩ හංදියට පැමිණ එතැන් සිට ආයුවේද හංදිය දක්වා ගමන් කර කොළඹට ඇතුළු විය හැකිය. වැලිකඩ හංදියත් ආයුර්වේද හංදියත් අතර කොළඹට ඇතුළු වන පැත්තේ ඇති සියළුම අතුරු මාර්ග වලින් ශ්‍රි ජයර්වපුර මාර්ගයට ඇතුළු වන සියළුම වාහන වමට හරවා බොරැල්ල ආයුර්වේද හංදිය දෙසට ගමන් කල යුතුය.
  2. බොරැල්ල කොටා පාරෙන් සහ කාසල් විදියෙන් කොළඹින් පිටවන වාහන ආයුර්වේද හංදියට පැමිණ ආයුර්වේද හංදියෙන් පාරණ පාර ඔස්සේ වැලිකඩ හංදිය දක්වා ගමන් කල හැකිය. එමෙන්ම අතුරු මාර්ග වලින් පාරණ පාරට ඇතුළු වන සියළු වාහන වමට හරවා වැලිකඩ හංදිය දෙසට ගමන් කල යුතුය.
  3. මේ කාලය තුලදී ශ්‍රි ජයර්වධනපුර මාර්ගය ආයුර්වේද හංදියේ සිට වැලිකඩ දක්වා (කොළඹින් පිටිවීම) කොටස වසා තබනු ලැබේ.
  4. මේ කාලය තුලදී වැලිකඩ හංදියේ සිට ආයුර්වේද හංදිය දක්වා (කොළඹට ඇතුළු වන පැත්ත) පරණ පාර කොටස වසා තබනු ලැබේ.
  5. තලවතුගොඩ හංදියේ සිට කොළඹ දෙසට ගමන් කරන සියළුම වාහන තලවතුගොඩ හංදිය, කිඹුලාවල හංදිය ඔස්සේ පිටකොට්ටේ හංදියට පැමිණ නාවල පාර ඔස්සේ නාරාහේන්පිට දෙසට හෝ නුගේගොඩ දෙසට ගමන් කර කොළඹ දෙසට ගමන් කල යුතුය.
  6. ඔබේසේකරපුර මාර්ගයෙන් පාරණ පාරට පැමිණෙන වාහන මාදින්නාගොඩ හරහා වැලිකඩ හංදියට ගමන් කල යුතුය.
  7. පොල්දුව හංදියේ සිට බොරැල්ල දෙසට සහ බොරැල්ල දෙස සිට පොල්දූව හංදිය දක්වා කන්ටේනර් රථ ගල්, වැලි පටවන ලද ටිපර් රථ වලට ඇතුල් විම සීමා කරනු ඇත.
  8. තවද, ජනාධිපති අපේක්ෂකයින් සමග පැමිණෙන පාක්ෂිකයින්ගේ වාහන නැවැත්වීම සම්බන්ධයෙන් හා පාක්ෂිකයින් ස්ථාන ගත වීම සම්බන්ධයෙන් ඒ ඒ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් දැනුවත් කිරිමට කටයුතු කරනු ලැබේ.
  9. වැලිකඩ හංදියේ සිට ශ්‍රි ජයර්වධනපුර මාර්ගය ආයුර්වේද හංදිය දක්වා සහ පරණ පාර ආයුර්වේද හංදිය සිට වැලිකඩ හංදිය දක්වා ප්‍රදේශය මගහැර විකල්ප මාර්ග භාවිතා කරන මෙන් රියදුරන් දැනුවත් කරන ලෙසට ඉල්ලා සිටිමි.

10.තවද, පහත සදහන් මාර්ග වල බස් රථ පහත පරිදි ගමනාන්තය දක්වා ගමන් කල යුතුය.

i. 176 මාර්ගය නාවල පාරෙන් වැලිකඩ හංදියට පැමිණ ශ්‍රි ජයර්වර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හංදියට පැමිණ ගමනාන්තය දක්වා ගමන් කල යුතුය.
ii. මාර්ග අංක 170, 171, 175, 177, 190 යන මාර්ග වල බස් රථ වැලිකඩ හංදියට පැමිණ ශ්‍රි ජයර්වර්ධනපුර මාර්ගය ඔස්සේ ආයුර්වේද හංදිය වෙත පැමිණ ගමනාන්තය දක්වා ගමන් කල යුතුය.