ඩුබායි සිට කෝටියක් වටිනා I phone සහ ලැප්ටෝප් ගෙන් වු තිදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටියක් පමණ වටිනා ( I phone ) වර්ගයේ ජංගම දුරකථන 36ක් සහ ලැප්ටොප් පරිගණක 06ක් නීතිවිරෝධි ලෙස මෙරටට රුගෙන විත් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් සිටියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් ගුවන් මගීන් තිදෙනෙකු 2024.08.10 වන දින අත්අඩංගුවට ‌ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ, දෙමටගොඩ ප්‍රදේශ වල පදිංචි කරුවන් වන අතර මොවුන් අත්අඩංගුවට ගැනිමෙන් පසුව සැකකරුවන් සහ එම භාණ්ඩ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරින් වෙන භාර දී ඇත.