ගිනි අවි හා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ රඳවා තබාගෙන සිටි සැකකරුවෙකුගෙන් සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙන් 2024.08.09 වන දින පිස්තෝල අවියක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

එම සැකකරුගෙන් තවදුරටත් සිදුකරන ලද විමර්ශන වල ප්‍රතිඵලයක් වශයෙන් 2024.08.10 වන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් රාජගිරිය ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී ටී -56 ගිනි අවියක්, එම පතරොම් ගැබ් 01, පිස්තෝල අවි 01, එම පතරොම් ගැබ් 01, විවිධ වර්ගයේ පතරොම් 400 කට අධික ප්‍රමාණයක්, හොරොයින් ග්‍රෑම් 06 ක පමණ ප්‍රමාණයක්, ගංජා මිලිග්‍රෑම් 700 ක පමණ ප්‍රමාණයක් සහ කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 200 ක පමණ ප්‍රමාණයක් සොයාගෙන ඇත.