විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට.

මාතලේ පොලිස් වසමේ කළුදෑවල ප්‍රදේශයේදී මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.08.09 වන දින උදෑසන කාලයේදී වැටලීමක් සිදුකර විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මාතලේ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුව‌ට ගත් සැකකරු වයස අවුරුදු‍ 46 ක් වූ රත්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.