මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර කුමාරි ඇල්ලට යන මාර්ගයේදී 2024.08.06 වන දින පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශනය සිදුකර මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු 2024.08.09 වන දින වරකාපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුව‌ට ගත් සැකකරු වයස අවුරුදු‍ 24 ක් වන දොලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී මෙම අපරාධයට ආධාර අනුබල ලබාදුන් වයස අවුරුදු 47 ක් වන හේවාදුන්න ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. හංවැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.