හිස්වැසුමකින් පහරදී පුද්ගලයකු ඝාතනය කළ සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට

පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමක් සම්බන්ධව අක්කරෙයිපත්තුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධව සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී මරණකරු හා සැකකරුවන් අතර මුදල් ආරවුලක් තිබී ඇති බවත්, මරණකරු විසින් සැකකරුවන් විදෙස්ගත කරන බව පවසා මුදල් ලබාගෙන ඇති බවත්, එසේ වුවද විදෙස් ගත කර නොමැති බැවින් මෙම සැකකරුවන් තිදෙනා විසින් මරණකරුගෙන් අවස්ථා කිහිපයක දී මුදල් නැවත නැවත ඉල්ලා ඇති නමුත් මරණකරු විසින් මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත් සැකකරුවන් ආරක්ෂිත හිස්වැසුමකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනාම වයස අවුරුදු 22ක් වන කාදිලියා මුහුණු පාර, අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන අක්කරෙයිපත්තුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.