“පොලිස් විශේෂ කාර්ය බලකායෙන් විශේෂ මෙහෙයුම් විදානය නමින් සුවිශේෂී ඒකකයක්”

දිවයිනේ පවත්නා මහජන සාමය සහ ජාතික ආරක්ෂාව අඛන්ඩව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා සියළු ආරක්ෂක අංශ නිලධාරීන් ඉමහත් කැපවීමෙන් තම රාජකාරිය ඉටුකරමින් පවතින පසුබිමෙහි මෙරට වාණිජ වශයෙන් ප්‍රධාන මරමස්ථාන පිහිටි කොළඹ දිස්ත්‍රික්කය තුල යම් ආකාරයකින් ඉදිරියේදී ඇතිවුවහොත් ත්‍රස්තවාදී,අන්තවාදී ප්‍රහාරයක් හෝ සංවිධානාත්මක අපරාධ කල්ලි කණ්ඩායම් අතර ගැටුමක්,
ඊට හැකි විගස ප්‍රතිචාර දැක්වීමට මෙන්ම අනතුර මැඩපැවැත්වීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් විදානය නමින් සුවිශේෂී ඒකකයක් රාජකාරි පිහිටුවීම 2024.08.13 දින සිදුකෙරුනි.

ප්‍රධාන උත්සවය සඳහා පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරාධනයෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අනුඛන්ඩය පිහිටුවා ඇති ශ්‍රී ජයවර්ධනපුර කඳවුරට සැපැමිණ අනුඛණ්ඩය පරීක්ෂාවට ලක්කල අතර එහිදී මෑත ඉතිහාසයේ ජාතික ආරක්ෂාව කඩවුනු අවස්ථාවන්හීදී පොලිස් විශේෂ කාර්යය බලකාය යුහුසුළුව සංවිධානය වීමෙන් එම අවස්ථාවන්ට සාර්ථකව මුහුන දුන් ආකාරය ගෞරවයෙන් සිහිපත්කරන ලදී.

මෙම නව විශේෂ අනුඛන්ඩය සෑමවිටම ක්‍රමවත්ව සංවිධානය වී කැඳවීමක් ලද පිටත්වීමට සූදානමින් පසුවේ. එයින් හදිසි අවස්ථාවකදී ඇතිවන හානිය තවදුරටත් අවම කිරීම අපේක්ෂා කරනු ලබයි.

තවද, සිංගප්පූරුවේ පිහිටි විශේෂ ආරක්ෂක උපක්‍රමික සහිත ආදර්ශයක් අනුකරණය කරමින් මෙම ඒකකය ස්ථාපිත කර ඇති අතර සංග්‍රාමික යතුරුපැදි ඒකකය, විශේෂ අවි හා උපක්‍රම ඒකකය,මහජන සාමය කළමනාකරණ ඒකකය ලෙස වර්ගීකරණය කරමින් ඉතා ක්‍රමවත්ව සංවිධානය කර ඇත.

මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විශේෂ අමුත්තෙකු ලෙස සිංගප්පූරු රාජ්‍යයේ නීතිය හා ස්වදේශ කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය K ෂම්මුගම් මැතිතුමන් සහභාගී විය. ඒ සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා , ජාතික ආරක්ෂාව පිළීබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, මහජන ආරක්ෂක අමාත්‍යංශය ලේකම් වියානි ගුණතිලක මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක මහතා, පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා ඇතුලු නිලධාරින් රැසක්ද සහභාගී විය.